♪-♫ ගී පද ♫-♪  

Posted by: කණියා

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැනදැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොදැනෙයි

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ළග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා අතහැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................

ගායනය : මිල්ටන් මල්ලආරච්චි

This entry was posted on 5:28 PM . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment